{[['
']]}
']]}
මිලර් නැමති ඇෆ්ගනිස්ථානු හිටපු සොල්දාදුවෙක්, ඔහුගේ නිවස ලෙස සැලකෙන ලන්ඩනයට පැමිනෙයි. ඔහු ග්‍රේ නැමති පුද්ගලයෙකු සමට රහස් මෙහෙයුමක නිරතවන අතර, එහිදී රාජ්‍ය ආරක්ෂක ක්‍රියා වල සහ කුඩු ජාවාරම් කරුවන්ගේ කරදර වලටද පැටලැවීමට සිදුවේ. මෙම මෙහෙයුම ඉතාම රහසිගත සේම ඉතා සැකකටයුතු සිද්ධි දාමයක් හරහා දිවෙන අතර, ඔහුගේ ඉහල නිලධාරියාම අපරාධ කරුවන්ගේ මෙහෙයවන්නා බව පසුව සොයාගැනේ. ඔහු මෙන්ම, ඹත්තු සේවය පිණිස යොදාගත් වෙනත් කාන්තාවක් බේරා ගැනීමටද තැත් කරන ඔහුගේ අවසන් ඉරණම කුමක් වේද.
2011 අප්‍රේල්29 දින මුල්ම වරට එක්සත් රාජධානියේ තිරගතවූ මෙම චිත්‍රපටය, ක්‍රයාදාම සහ අපරාධ ගනයට අයත් වන්නකි. චිත්‍රපටයට IMDB ලබාදෙන ලකුණු ප්‍රමාණය 5.9 ක් වන අතර චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුනු ප්‍රමාණය 8.5කි. දරුනු අපරාධ ක්‍රියා හැරුනු කල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර, තෝරාගත් වීඩියෝ පටය (The.Veteran.2011.DVDRip.XviD-ICE) A/V 10/10 ට ඉතාම ආසන්න බව අරිසෙන්ගේ මතයයි.

Post a Comment