{[['
']]}
']]}
ඔන්න ඉතින් ෆිල්ම් එකක් ගෙනාවා. ඉතින් කට්ටිය FACEBOOK එහෙම ඉන්නවා ඇතිනේ. නැහැයි කියලා කියනවන්නවත් කෙනෙක් ඉන්නවා කියලා මමනම් හිතන්නේ නැහැ. ඉතින් ඔකට ලොග් උණාම ආයේ LOG OUT වෙන්න හිතෙන්නම නැහැනේ. අන්න ඒ වගේ දේවල් මේ කථාවෙන් පෙන්නන්න හදන්නේ. මේක ඒක හදපු උන්ගේ පොකට්ටුවට වාසි වෙන විදිහට. ඉතින් මේක FACEBOOK ගැන නම් නෙමෙයි. ඒක වගේ ඇමරිකාවේ සහ ලෝකෙම තියෙන වෙනත් සමාජ ජාල වෙබ් අඩවියක් නිසා ලෝකෙට සිදුවන විපත්තියක් ගැන.
IMDB Rating 4.5ක් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කතාව Cody Calahan විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකී. කතාව පිටපත Chad Archibald, Cody Calahan විසින් නිර්මාණය කර තිබේ. ඒ වගේම මේ සදහා රංගනයෙන් දායක් වන නළු නිළියන් ගැනත් පොඩ්ඩක් මතක් කරල ඉන්නම්. Michelle Mylett විසින් ප්‍රධාන චරිතය වන සෑම්ගේ චරිතයට පණ පොවන අතර මෙය ඇයගේ කුළුදුල් සිනමා රංගනය වේ. එමෙන්ම ප්‍රධාන නළුවගේ චරිතය වන මාර්ක් ගේ චරිතයට රංගනයෙන් දායක් වෙන්නේ Cody Ray Thompson විසිනී. තවද Adam Alic විසින් ජෙඩ් ගේ චරිතයටද,Romaine Waite විසින් ස්ටීව් ගේ චරිතයටද, Ry Barret විසින් චැඩ් ගේ චරිතයටද පණ පොවයි.
එහෙනම් ඉතින් කතාවට බහිමු. ඉතින් මුලින්ම කියන්න ඕනෙ HAPPY NEW YEAR කියලා FB යන්න එපා කියලා.
එක රැයකින් ජීවිත බිලියන ගණනක් නැති වෙනවා කිව්වොත් මම නිවැරදියි. වෛරසක් නිසා මිනිසාගේ වෙනස්වීම හා මිනීමැරීම යන දේ මේ කථාවෙන් පෙනෙනවා. මීට හේතුව ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජ ජාල වෙබ් අඩවියක්. ඇමෙරිකාවේ සහ මුලු ලෝකයේම ජනප්‍රිය වෙඩ් අඩවියක් වන The SocialRedRoom.com යන වෙබ් අඩවිය නිසා තමයි මේ හැමදේම සිදුවෙන්නේ. මේකේ හිමි කරුවන් ඔවුන්ගේ සල්ලිවලට ඇති කෑදර කම නිසා වෙබ් අඩවියට LOG වෙන සෑම අයෙකුම එහි රදවා ගැනීමට ඔවුන් සිදු කරන උපක්‍රමයක් නිසා තමයි මේ වෛරස් එක ඇති වෙන්නේ. ඔවුන් මිනිසුන්ව ඔවුන්ගේ වෙබ් අඩවියේම තියා ගන්නට අමුතුම විදිහේ PROGRAMME එකක් ලියනවා. ඉතින් මේක අවුරුදු තුනකට කලින් ඉදලා කරන් යන බව ඔවුන්ට පොට වැරදුනාම හෙළි කරනවා. ඉතින් ඔවුන් අලුත් අවුරුදු උදෑසන එම වැඩසටහනේ සිදුකරපු Update එකක් නිසා එම වැඩසටහන සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. මේ නිසා තමයි මේ කරදර හැම එකක්ම සිදු වෙන්නේ. ඇත්තම කිව්වොත් එක දවසකින් එක රැයකින් මිලියන, බිලියන ගණනක් මිනිස්සු මැරෙනවා. ඒත් මෙම වෙබ් අඩවියෙහි සිටින අය දන්නේ නැහැ මෙය එයින් සිදුවන බව. ඔවුන් සුපුරුදු විදිහට එම වෙබ් අඩවියට Photos, Videos Upload කරනවා.ඉ තින් ඔය අතරෙදි නහයෙන් ලේ ගලන්න, කණින් ලේ ගලන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවකින් ඔවුන් දරුණු සහ වෙනස්ම විදිහේ මිනීමරණ උන් බවට පත් වෙනවා. ඔන්න ඉතින් ලංකාවේ වගේ නෙමෙයිනේ ඇමෙරිකාවේ කොල්ලෝ කෙල්ලෝ එක ගෙදරකට සෙට්වෙලා පාටි දානවා අලුත් අවුරුදු දවසේ රෑ. ඉතින් ඔය අතරෙදි තමයි මේ දේවල් වෙන්නේ. මුලින්ම ඔය ලෙඩේ හැදෙන්නේ ස්ටීව් කියන කොල්ලට. ඊළගට ඇයගේ පෙම්වතියට. ඉතින් නහයෙන් සහ කණෙන් ලේ ගැලුවායෙන් පස්සේ එක එක මායාවන් පෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඌත් ඉවරයි කියන එක. මොකද ටික වෙලාවකින් ඌත් නපුරු දරුණු අමුතුම විදිහේ මිනීමරුවෙක් වෙන නිසා. ඉතින් මේ මොකක්ද, මේකට මොනාද කරන්න ඕනේ කියලා ජෙඩ් විසින් හොයා ගන්නවා. මොකද ඔහු අනිත් උන්ට වඩා මැරෙන්න බය එකෙක්. ඒ නිසා ජෙඩ් එයාගේ යාළුවෙක් වන බ්‍රයන් එක්කත් නිතරම වීඩියෝ චැටෙන් මේ පිළිබද කතා කරනවා සහ මේකට විසදුම් සොයනවා. ඉතින් මේකට හේතුව සහ මේකට විසදුම අන්තිමට ඔවුන් සොයා ගන්නවා. ඒත් මෙ වැඩසටහන් ලියපු අයට ඒක නතර කරන්න බැරි වෙනවා. අමුතුම විදිහේ රසවත් කාතාවක් තමයි මේක.
ඉතින් කතාව ගැන ගොඩක් දේවල් කිව්වනේ..මේකෙන් බේරෙන්න මොනවද කරන්න ඕනේ?? කවුරු අන්තිමට බේරෙයිද?? නැත්තම් හැමෝම මැරෙයිද?? විරූපිකයෝ ඉවරයක් වෙයිද?? කියලා දැන ගන්න මේ කතාව බලන්නම වෙනවා.
be71d9f8ce804fbd70dc82f0c63bb91c37685ea7
a029cf27e314b4e6b5be3a234c3f4dca4f7ebc6c
4a2ed9a8d13c93909e55e895de084b50729970ef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.


Post a Comment