Latest Movie :
Home » , , , » Madly Madagascar (2013)

Madly Madagascar (2013)

{[['']]}

Madly_Madagascar-
ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ.
චිත්‍රපටිය ගැන කියනවනම් අපි කව්රුත් දන්න මැඩගස්කර් චිත්‍රපට මාලාවේ කෙටි චිත්‍රපටියක් මේක. නම Madly Madagascar. මේක ගිය අවුරුද්දේ මුල තමා නිකුත් වුණේ. අද තමා දෙන්න ඕනේ හොඳම දවස කියලා මම හිතන්නේ, කතාව කෙටියෙන් කිව්වොත්, අර පිස්සු ජූලියන් රජතුමා ඉන්නවනේ එයාට ආදරවන්තයන්ගේ දවසේදී සුවඳ විලවුන් බෝතලයක් (ඔව්, ඔව්, පර්ෆියුම් එකක් තමා) හම්බ වෙනවා, ඉතින් මේ රජා මේකත් අරන් හෙන නාඩගමක් නටනවා. තමන්ට දෙවියන්ගෙන් ලැබුණු දෙයක්, ඒ වගේම එය ඉසගත්තොත් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වනවා යැයි පවසමින් ඔහු එය කොන්දේසි යටතේ කට්ටියට ඉසින්නට පටන් ගන්නවා.. අන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.අපිට සුපුරුදු චරිත ටිකත් ඉන්නවා. මෙල්මන්,ග්ලෝරියා,මාටි,ඇලෙක්ස්. අපේ පෙන්ගුයින් රංචුව මේකෙත් වෙනදා වගේම හොඳ වික්‍රමයක් කරනවා, ”ආදරයේ විවිධ ප්‍රභේද තියෙනවා, නමුත් ආදරයට භේදයක් නැහැ”ඉතින් එහෙනම් මේ ආදර පණිවිඩය රැගත් චිත්‍රපටිය බාගත කරගෙන යන ගමන් පුංචි අදහසකුත් දක්වලා යන්න. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු… 
Madly Madagascar (2013) on IMDb6.3/10444 votes


DF0278F25D27FCF35877BE4B0B9DDEE5EB5E88BA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man