Latest Movie :
Home » , , , , » The Broken Circle Breakdown (2012)

The Broken Circle Breakdown (2012)

{[['']]}
The Broken Circle Breakdown (2012)
කොහොමෙයි ඉතින් කස්ටියට, මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි තවත් බයිස්කොප්පුවක් අරන් තමයි ඔන්න සෑහෙන කාලෙකින් ආයේ ඔයාලව බලන්ට ආවේ. මේක 18+ එකක්. පස්සේ මට මුකුත් කියන්න එපා ඔන්න. 18+ කිවුවට මේක තනිකරම අසභ්‍ය චිත්‍රපටයක් නෙමේ සමහරුන්ට 18+ කියපු ගමන් හිතෙන්නේ ඒකනේ. මේකේ තැන් කිහිපයක අඩ නිරුවත් සහ යම්තාක් දුරකට ලිංගික දර්ශන කිහිපයක් පෙන්වනවා ඒ නිසයි මේක 18+ වලට වැටෙන්නේ. නැත්තම් මේක වල් කතාවක් හෙම නෙමේ බොහොම සංවේදී කතාවක්. පහුගිය වතාවේ දුන්නු Frozen බයිස්කෝප්පුවට නම් සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා දකින්නත් සන්තෝසයි ඒ වගේ ප්‍රතිචාර ටිකක්. ඒ හැම එකක්ම මම කියෙවුවා බොහොම ස්තුතියි අදහස් දක්වපු හැම කෙනෙක්ටම. ඒ වගේම සමාවෙන්න අපෙ අඩවියට උපසිරසි ලබාදෙන සහෝදර සහෝදරියන්ගේ උපසිරසි සදහා අදහස් දක්වන්න නොහැකිවීම ගැන පුළු-පුළුවන් වෙලාවට පුළු-පුළුවන් විදිහට කිහිපයකට අදහස් පළකළා. තරහ අවසරයි හැම කෙනෙක්ගෙන්ම. රොයිලි අයියා කිවුවා වගේ මේ ආදරණිය කොටි වලිගය අතාරින්න හිතක් නැහැ ඒ නිසයි මොන දේ උණත් වෙලාවක් ලද විගහින්ම මේ විදියට එවෙන්නේ. අනික ඉතින් අද වැලෙන්ටයින් සමරන්න තියන එකක්යැ ;) කයිවාරුව ඇති හැරෙමු විස්තරය දිහාවට.
මේක මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි එකක්. ඒ හොදම විදේශීය භාෂා සිනමාපටය ලෙසින්. මිට අමතරව තවත් නිර්දේශවීම් 17ක් සමගින් ජයග්‍රහණ 12ක් ලබලා තියනවා. මේකේ භාෂාව විදියට භාවිතා වෙන්නේ ලන්දේසි[Dutch] භාෂාව කියලයි විකිපීඩියාවේ සදහන් වෙන්නේ ඒ වගේම සිනමාපටය අයත් රට විදියට බෙල්ජියම සදහන් වෙනවා. නාට්‍යමය-රෝමාන්තික සහ සංගීතමය කියන කාණ්ඩයන්ට අයත්වෙන මෙය imdb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයන්ගෙන් ’7.9′ක් වගේ ඉහළම අගයක් අරගන්න සමත් වෙලා තියනවා. මේ සිනමාපටයේ ප්‍රධාන චරිත තුනක් වටේ තමයි දිවයන්නේ. අනිත් චරිත වල නම පවා සදහන් වෙන්නේ නැති තරම්. මේකේ කතාව ගැන නොකියා මේ විදියට එකම එක දෙයක් ඔයාලගෙන් අහන්නම්, ඔයාගේ ලෙයින් උපන් ළමයට පිළිකාවක්…. ඒ නිසා සිත් තැවුලට පත් ඔයාගේ බිරිද සියදිවි නසාගන්න ගිහින් කෝමා තත්වයට පත්වෙලා….. මොනවගේ දේවල් හිතෙන්න, දැනෙන්න ගනීවිද…? පටන්ගන්න වෙලාවේ ඉදන් අවසානයක් වෙනකම් කම්මැලි නැතුව අතීත සිදුවීම් වර්තමානයේ ගළපන මේ සිනමාපටය මම කියනවටවත් බලන්න. ඒ වගේම මේවගේ තව කතාවක් තියනවා 50-50 කියලා. එක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඒකත් බලන්න.
ඒ වගේම මේකේ සමහර තැන් වල සදහන් වෙනවා කෙමෝ[chemo] කියලා වචනයක්. ඒ කියන්නේ chemotherapy තමයි ඒකෙ හරි වචනේ එකේ තේරුම රසායනික චිකිත්සාව කියන එක ඒත් මම ගොඩක් තැන් වලදී ඒක කෙමෝ කියලම දැම්මා මොකද එහෙම නොදැම්මනම් අදහස නොගැලපෙන්න පුළුවන් නිසා. යම් අපහසුතාවයක් උණොත් ඒ ගැන කමා කරත්වා. එහෙනම් ආයේ දවසක හම්බවෙමු. ගිහින් එන්නම් හැම කෙනෙක්ටම ජයෙන් ජය :)
“Life isn’t generous”

The Broken Circle Breakdown (2012) on IMDb


                                                 Film එක මෙතනින්

FBD8EC68F4EE69BF6B5CB3CE5B77227D522EB78F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

                                Sinhala Subtitle

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man