{[['
']]}
']]}
ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 205 වන ස්ථානය රඳවගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ජෝසප් ඩුසෙට් ගෙ චරිතය රඟ දක්වන්නේ Men in Black 3 (2012) චිත්‍රපටියේ නියෝජිත K ගෙ චරිතය සහ Gangster Squad (2013) චිත්‍රපටියේ සාජන් ජෝන් ඕමාරාගේ චරිතය රඟ දැක්වූ Josh Brolin නැමති සුපිරි නළුවා විසිනුයි. ඒ වගේම 2006 වසරේ තිරගත වූ මෙයට බෙහෙවින්ම සමාන හිංදි චිත්‍රපටියකුත් තියෙන අතර මේ චිත්‍රපටි දෙකම නිපදවලා තියෙන්නේ ජපන් කාටූන් චිත්‍රපටියක් ආශ්‍රයෙන් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 30ක පමණ ආදායම් වාර්තාවක් තබාවි කියලත් එහි නිශ්පාදකවරු බලාපොරොත්තු වෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ජෝසප් ඩුසෙට් හෙවත් ජෝ කියන්නේ මැදි වයසේ පසුවෙන ටිකක් අසභ්‍ය ගති පැවතුම් ඇති හොඳ බේබද්දෙක්. ඔහු රැකියාව කරන්නේ වෙලඳ දැන්වීම් ආයතනයකයි. එක දවසක් ලොකු ව්‍යාපාරිකයෙක් සමග ලොකු ගණුදෙනුවක් කරන්න යන ඔහුට තමන්ගෙ නැහැදිච්චකම නිසා ඒ ගණුදෙනුව අහිමි වෙනවා. ඔහු එම ගණුදෙනුව කරන්න යන්නේ තමන්ගෙ අවුරුදු 3ක් වයසැති දියණියගෙ උපන්දින සාදයටවත් යන්නෙ නැතිවයි. මේ හේතුවෙන් පුරුද්දටයි හිතේ දුකටයි හොඳටම බොන ජෝ තමන්ගෙ දුවට පොඩි සෙල්ලම් බඩුවකුත් අරගෙන තව ටිකක් බොන්න හිතාගෙන ඔහුගෙ හොඳම යාළුවගෙ කඩේට යනවා. නමුත් ජෝ සිටින තත්වය නිසා ඒ යාළුවා ඔහුට බොන්න දෙන්නෙ නෑ. ඒකෙන් තවත් සිත් තැවුලට පත් වෙන ජෝ පාරෙ අයිනේ හිටපු ගණිකාවක් ගාවට යනවා. ඔහුට මතක එච්චරයි. ඊට පහුවෙනිදා ඔහු අවදි වෙන්නේ කාමරයක් තුලදියි. අවදි වෙලා මිනිත්තු කිහිපයක් ගතවෙද්දිම ඔහුට තේරෙනවා ඔහුව ඒ කාමරය තුල හිරකරලා කියලා..
ඉතින් යාළුවනේ. දැන්නම් ඔයාලට මතක් වෙන්න ඇති මොකක්ද මේකට සමාන හිංදි චිත්‍රපටිය කියලා. හැබැයි මේකෙ මුල ටික ඒ හිංදි චිත්‍රපටියට සමාන උනාට නොහිතන විදිහට අතරමැදදී මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගන්නකෝ. ඒ වගේම අවසානය හොඳ මේ චිත්‍රපටියෙද නැත්නම් හිංදි චිත්‍රපටියෙද කියලා ඔයාලම තීරණය කරන්න. හැමෝටම ජය වේවා!
B96BEF7FEF39D8B78848146DDCB489BDABA0D083
C72DAFC0C037F613177395911A1B1E27667D80FA
C0BD2D4567D31092941E8D736FCE6AFAE03EA292
DBE29246EDFFEF157CBBCFE2331ACD76963ED106
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Post a Comment