Latest Movie :
Home » , » The Opus

The Opus

{[['']]}

The Opus
මගේ පළවෙනි උපසිරසින් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් දෙවන උපසිරසිය සඳහා ගත උණා. The Secretහි උපසිරසියට ලැබුණ ප්‍රතිචාර හා ඔවුන්ගේ ඉල්ලීම මත එයට නොදෙවෙනි නිර්මාණයක් වන The Opus නම් මෙම වාර්තාමය චිත්‍රපටය සඳහා උපසිරසියක් නිර්මාණය කිරීමට මා තුළ උනන්දුවක් ඇති උණා.
The Opus යනු Dr. Joe Vitale විසින් නිෂ්පාදනය කළ දැවැන්ත වාර්තාමට චිත්‍රපටයක්. Dr. Joe Vitale වීදිවල රස්තියාදු ගහන ජීවිතයේ කිසිම අරමුණක් නැති චරිතයක් වෙලා හිටියා. මානසික අවපීඩනය හින්දා සියදිවි හානි කරගන්නට උත්සාහ කළ චරිතයක්. ඔහු ආකර්ශනතාවය දැනගත්ත දවසේ ඉදන් ඔහුගේ ජීවිතය තුළීන් ඔහු පාතාක යෝධයෙක් වගේ නැගිටලා සමාජය පරිවර්තනය කරන දැවැන්ත චරිතයක් බවට පත් උණා.
වින්සෙන්සෝ නම් ලෝ ප්‍රකට වයලීන් වාදකයාගේ ජීවන වෘත්තාන්තය ඇසුරින් මෙය නිර්මාණය කර තිබෙනවා. මෙහි The Secret චිත්‍රපටයේ සිටි ගුරුවරුන් සියලු දෙනාම වගේ ජීවිතය ජයගන්නා ආකාරය ගැන ඔවුන්ගේ කියා දීමට ඔවුන්ගේ සම්පත් දායකත්වය ලබා දෙනවා. සිහිනයක් ඇතිවීම, සිහිනය ආරක්ෂා කිරීම, සිහිනය තුළ ජීවත් වීම, සිහින බොඳවීම, නැවත සිහින තුළට පිවිසීම හා සිහින ජය ගැනීම යන කරුණු ඔස්සේ ඉතාම වින්දනීය ලෙස වින්සෙන්සෝගේ ජීවිත කතාව පාදක කොට ගෙන ඔවුන්ගේ ඉගැන්වීම සිදු කරනවා.
බයිස්කෝප් අඩවිය හරහා නොමිලේ ලබා දෙන උපසිරසි නිර්මාණයට කාලය හා ශ්‍රමය කැප කරලා එවා නොමිලේම දීල ඇත්තෙන්ම අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ සතුට. ඔයාල සතුට දැකල අපි සතුටු වෙන එක. අපිට ගොඩක්ම වටින දේ තමා ඔයාලගේ ප්‍රතිචාර අපි ඒ තුළින් අහිංසක සතුටක් ලබනවා වගේම තව තව නිර්මාණ ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්නට උනන්දුව ඇති කරවනවා. මෙම චිත්‍රපටය තුළින් ඔයාලගේ ජීවිතයට දෙයක් ලබාගෙන ඔයාල ජීවිතේ ඉන්නවට වඩා අඩියක් හරි ඉස්සරහට ගියොත්, ඔයාලගේ සිතුවිලි වලට ජවයක් ලැබුණොත් ඔයාල ජීවිතේ ජය ගන්න විදිහ හැන අවබෝධයක් ලබා ගත්තොත්, ඔයාල මේ දේවල් තව කාට හරි කියල දුන්නොත් ඒක තමා මම ලබන ලොකුම සතුට. අපි අනිකාගේ සතුටෙදි සතුටු වෙන දුකේදි අපේ හදවත උණුවෙන උතුම් ජාතියක්. බයිස්කෝප් එකේ අපි හැමෝම එකතු වෙලා අපි මේ රට වෙනුවෙන් දෙයක් කරමු. අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයෝ අපි අපේ රට ඉහළම තැනකට ගේන්ට පොඩි උණත් උත්සහයක් දරමින් ඉන්නවා.
මෙම උපසිරසි නිර්මාණය සඳහා අවසන් මොහොතේ සහය දුන් ජනිත් ජයසිංහ සහෝදරයාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. බයිස්කෝප් සහෝදරයන්ට ජයවේවා!!!
8c153c7468ae55f177c9f160c75e7e4f1ea15861
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.


Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man