Latest Movie :
Home » , , » Detective Dee: Mystery of the Phantom Flame (2010)

Detective Dee: Mystery of the Phantom Flame (2010)

{[['']]}
Detective Dee And The Mystery Of The Phantom Flame (2010)
ඔන්න ඉතින් මාත් මගේ දෙවැනි උපසිරසියත් එක්ක ආයෙමත් බයිස්කෝප් එකට ගොඩ වැදුණා. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගියපාර නිර්මාණය ඒ කියන්නෙ A Nightmare On Elm Street එක සම්බන්ධයෙන් අදහස් දක්වපු හැමදෙනාටම. එයාලගේ කමෙන්ට් වලින් මම ගොඩක් දිරිමත් වුණා. ඒ වගේම මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා අයියටත් මම ස්තූතිවන්ත වෙනවා.
මේ පාර මම ගෙනාවේ chineese චිත්‍රපටයක්.මං මේ වෙනකම් බලලා තියන හොඳම ෆිල්ම් එකක් කියලා මම බය නැතුව කියනවා. පොඩි වෙනසක්.ටිකක් විතර පරණයි.(පරණයි කිව්වට එච්චරම පරණ නෑ). ඒ වුණාට මට නම් ඒක් වෙනසක් දැනුනෙම නෑ. චිත්‍රපටය ගැන කිව්වොත් ප්‍රධාන චරිතයට ඒ කියන්නේ Detective Dee විදිහට රංගනයෙන් දායක වෙන්නේ andy lau (blind detective, shaolin) මෙයානම් සුපිරිම පොරක්. ඊට අමතරව carina lau, li bingbing, tony leung ka fai, deng chao වැනි රංගන ශිල්පීන් තම දායකත්වය උපරිමයෙන්ම ලබා දීලා තියනවා. ඒ බව ඔයාලටත් බලද්දි තේරෙයි. tsui hark විසින් අධ්‍යක්ෂණය කරලා තියන මේ සලරුව imdb මීටරය 6.6 දක්වා කරකැවීමට සමත් වෙලා තියනවා.
එහෙනම් ඉතින් මේකේ කතාව පැත්තට හැරෙමුකෝ. දක්ෂ රහස් පරීක්ෂකයෙක් ඉන්නවා.ඔහුගේ නම ‘ඩී’. මිනිහා ඉන්නෙ හිරේ. පොඩි හුටපටයක් හිදා තමා ඒ. මෙම රාජ්‍යයේ රැජින වීමට ඉන්න කුමරියට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු වෙනවා. ඒක තමා අභිරහස් ගිනි දැල්ලක් විසින් ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් මරණයට පත් වීම. පරීක්ෂක ඩී ව කැඳවන්නේ මේ අභිරහස විසඳන්න. කවුද මේ ගිනිදැල්ල ඇති කළේ? කුමක් අරමුණු කරගෙනද? කොහොමද අභිරහස් ගිනිදළු ඇතිවන්නේ? ඩී මේ අභිරහස විසඳයිද? මෙ ප්‍රශ්න වලට පිළිතුරුත් ඔයාලටම හොයා ගන්න ඉතුරු කරනවාඇත්තටම මේක පටන් ගැන්මේ ඉඳලා අවසානය එනකල්ම ඉතාම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.මිනිත්තු 120ක් පුරාවටම ත්‍රාසය,කුතුහලය එක්ක ඔයාලට ඉන්න පුළුවන් වෙයි. කොමඩිත් නැත්තෙම නෑ.
මමත් මේ ක්ෂෙත්‍රයට තාම ආධුනිකයි. ඉතින් වැරදි අඩුපාඩු එහෙම ඇති. කරුණාකරලා එහෙම දෙයක් දැක්කොත් අනිවාර්යයෙන් මට කියන්න. මොකද වැරදි හදා ගන්න එකනේ හොද. එහෙනම් යාළුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් මම එන්නම්..හැමෝටම ජය වේවා!
Detective Dee: Mystery of the Phantom Flame (2010) on IMDb6.6/106,173 votes


96D68870B90EF71ABEFAF3201D6B21E3BC2121EC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man