Latest Movie :
Home » , » The Notebook (2004)

The Notebook (2004)

{[['']]}

note book
මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉතාමත් ප්‍රේමනීය නවකතාවක්.මේ නවකතාව Nicholas Sparks විසින් රචනා කරපු එකක්.ඒ වගේම මෙයාගේ නවකතා වලින් තැනුනූ අනිකුත් චිත්‍රපටවන A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe යන නිර්මාණ ඉතාමත් ජනප්‍රිය ඒවා.ඉතින් මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ඒ චිත්‍රපට බලපු කෙනෙක්නම් දැන් මේක බලනවමයි කියලා.ඒවගේම කියන්න ඕනෙ මට මේ නිර්මාණය ගැන දැනගන්න ලැබුනේ ලෝකයේ හොඳම ප්‍රේමනීය චිත්‍රපට 10 ගැන හොයද්දි.
  කතාව ගැන ටිකක් කිව්වොත් මේක මුලින්ම පටන් ගන්නේ මහළු නිවාසයක ඉන්න ඩූක් කියල කෙනෙක් මහළු කාන්තාවකට පොතකින් කතවක් කියන සිද්දියක් හරහා. ඉතින් මේ කතාව වෙන්නේ ඇමරිකාවෙ ගමක ගිම්හානයේ. ඒ ගමේ ඉන්නව කොල්ලෙක් නෝආ කියල. නගරයෙන් ධනවත් පවුලක් මේ ගමට එයාලගේ ගිම්හානය ගත කරන්න එනවා ඒ අතර ඉන්නව ඇලී කියල ලස්සන කෙල්ලෙක්…මේ දෙන්නගේ ප්‍රේම කතාව හරහා තමා මේ කතාව ගලාගෙන යන්නේ. කොහොම වුනත් ඒක ඒ දෙන්නටම ඒ තරම් ලේසි වෙන දෙයක් නෙවෙයි. නෝආට කෙල්ලගේ අම්මා කැමති වෙන්නෑ.කෙල්ල ඉතින් ආයෙම මේ හැමදේම දාල ගමෙන් යනවා.ඉතින් මේ දෙන්නගේ ගිම්හාන ප්‍රේමවෘතාන්තය මේ දෙන්නටම නැති වෙනවා.නෝආ හමුධාවට යන්න තීරණය කරනවා එයාගේ හොඳම යාළුවා එක්ක….මෙතන ඉදන් වෙන දේවල් ඔයලට දැනගන්නනම් ඉතින් ඔයාලට මේ නිර්මාණය බලන්නම වෙනවා. ඇත්තටම මැරෙනකල්ම ආදරෙයි කියන දේ ඔයාලට මේක බලද්දි තේරෙයි. ආ තව එකක් දැන් කට්ටිය ෆිල්ම් බලන්නේ IMDb අගයත් එහෙම බලල නිසා අනිවායෙන්ම ඒකත් සදහන් කරන්න ඕනෙනෙ…මේ නිර්මාණය 8/10 IMDb අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම මේ මම උපසිරස හදපු පළවෙනි එක නිසා බලාපොරොත්තු වෙනවා මේකෙ තියෙන හොඳ නරක Comment කරයි කියලා.සියලු දෙනාටම ජය වේවා!!
මීට කලින් පල කල ලිපිය
මම මේක ගැන සරලවම මෙහෙම කියන්නම්. Nicholas Sparks ගේ නවකතා අනුව තනපු චිත්‍රපට වලින් A walk to Remember චිත්‍රපටයට පස්සෙ මට වඩාත්ම සිතට දැනුනේ මේ චිත්‍රපටය කිව්වොත් සමහර විට ඒක මගෙ දුර්වලකමක් කියලා ඔයාලා හිතෙයි. එහෙනම් IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.0/10 ක් ( ඡන්ද 93,978 ක් ලබා) ලබාගෙන තියෙනවා කියලා මම කිව්වොත්. මම විතරක් නෙවෙයි තවත් බොහොම දෙනෙක් මේ චිත්‍රපටයට කැමැත්තක් දක්වනවා කියන එක බොහොම පැහැදිලි කරුණක් වගේම ඇත්තෙන්ම පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි.
මේ චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ මහළු නිවාසයක වෙසෙන මහලු මිනිසෙක්, සියළු දේ අමතකවන රෝගයකින් පෙලෙන රෝගී කතකට කතා පොතක් කියවීමකින්. ඒ කතාව පටන් ගන්නේ 1940 අවුරුද්දේ කානිවල් එකකදි මුණ ගැසෙන පෙම්වතුන් යුවලකගේ කතාවකින්. ධනවත් ගැහැණු ළමයෙක් (Rachel McAdams) හා පෙම් පලහිලව්වක පැටලෙන ගම්බද වත්කමින් අඩු තරුණයෙක් (Ryan Gosling) වන ඔවුන් දෙදෙනාට තරුණියගේ මවගෙන් කැමැත්තක් නොලැබෙන නිසා ඔවුන් හට වෙන්වීමට සිදුවෙනවා. එහෙත් සැබෑ ආදරය මියයන්නෙ නෑ කියනවනේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ නොමියෙන ආදරය ගැන තමයි මේ පොතෙන් කතාවෙන්නෙ. ඒ වගේම පුදුම හිතෙන අවසානයක් ඔබට ලැබෙන බවනම් මම කියන්න ඕනා.
බොහෝ දෙනා මේ කතාව බලලා ඇති. මොකද මේක ටිකක් පරණ චිත්‍රපටයක් නිසා. ඒත් Nicholas Sparks නවකතා අනුව තැනූ එක් චිත්‍රපටයක් හෝ බලලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය තමුන්ගේ චිත්‍රපට එකතුවට එකතු කර ගන්න දෙවරක් හිතන්නේ නෑ. ඉතින් හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනය කරන ගමන් ඔහුගේ නවකතා අනුව තැනූ A walk to RememberMessage in a bottleDear johnNights In Rodanthe කියන චිත්‍රපටත් බලන්න කියලා මම යෝජනා කරනවා. තව ටිකෙන් අමතක වෙනවනෙ.මේක ගැන බොහොමත්ම කෙටි ලිපියක් එවලා තිබ්බා කාලෙකට කලින් Saweera Gamage සහෝදරයා. එයාටත් ස්තූති වන්ත වෙන ගමන්ම ලිපියක් ලියද්දි අවශ්‍ය පමනට ලියලා එව්වොත් බොහොම ලොකු උදව්වක් කියලත් හැමෝටම මතක් කරන්න කැමතියි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
The Notebook (2004) on IMDb8.0/10280,558 votes


83911e4bf06887788a80f2293d04ddb81f0ba80e
c5452a05c2237a3fa14cca48e33940c9c4459454
EA2D6D67F2F666AA81A2928D37001F36FA15C8EC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man