{[['
']]}
']]}
ඇත්තටම වෙනත් ආදර කථාවලට වඩා වැඩි යමක් මේ කථාවේ ගැබ් වෙලා තියෙනවා. අපි එදිනෙදා දකින ආදරයට වෙනස් අර්ථකථනයක් ලබා දෙන්න මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවා බොහෝ සෙයින් වෑයම් කොට තිබෙනවා. IMDB දර්ශකයේ 8.0 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටය 1979 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නට වාසනාව හිමිකරගන්නේ මේ හේතුව නිසායි. 20 වන සියවස මුල් භාගයේ ඇමෙරිකානු සමාජයේ තත්ත්වය මෙමෙ සලරුවෙන් හොදින් ගෙන හැර පානවා. සම්මානනීය නළු Richard Gere මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර brooke Adams, Sam Shepard, Linda Manz මෙහි සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙනවා.
Bill කියන්නේ චිකාගෝ නුවර කම්හලක සේවය කරන කම්කරුවෙක්. මොහුට සුලු දේටත් හුගක් තරහ යනවා. bill ජීවත් වෙන්නේ ඔහුගේ කුඩා සහෝදරිය Linda හා ඔහුගේ පෙම්වතිය Abbyත් එක්කයි. Bill තමන් සේවය කරන කම්හලේ අයිතිකරු එක්ක වාදකට පැටලිලා අයිතිකරුට පහරදීමෙන් පස්සෙ චිකාගෝව අතහැර තම කුඩා සහෝදරිය හා පෙම්වතිය එක්ක පැනලා යනවා. එහෙම ගිහින් ඈත පළාතක ගොවිපළක සේවය කරනවා. ඔවුන් එහි සිටින පිරිසට අගවන්නේ ඒගොල්ලෝ සහෝදර සහෝදරියන් කියලා. ඒ අතරේ මේ ගොවිපළ අයිතිකරුට බිල්ගේ පෙම්වතියට හිත යනවා. ඒත් එම අයිතිකාර ගොවියා යම් කිසි නිදන්ගත රෝගයකින් පෙළෙනවා. ඔහුට ජීවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයක් බව මොහු වටහාගන්නවා. මේ හේතුවෙන් බිල් තම පෙම්වතියව ගොවියට විවාහ කරගන්න ඉඩ දෙනවා ගොවියා මළ පසු ඔහුගේ සියලු වස්තුව ඔවුන්ට හිමිවන නිසා. ඒත් නොසිතූ විදිහට ගොවියා ජීවත් වෙනවා ඔහුගේ කාලය පන්නලා.
අන්තිමට මේකට බිල් මොනවා කරාවිද? තම පෙම්වතිය ඔහුට අහිමි වේවිද? බිල් කුමක් හෝ වැරදි දෙයක් කරාවිද? ගොවියාගේ වස්තුව ඔහුට හිමිවේවිද? ගොවියා ඔවුන්ගේ සත්‍ය සම්බන්ධතාව හෙළිකරගනීවිද? අනිවා බලන්න. ඔබට ජය!
f3a53b2bcfc0418f6fd1abe8b8072f591c9a7ed2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.


Post a Comment