{[['
']]}
']]}
බර්ලිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජෛවතාක්ෂණික සමුළුවට සහභාගී වීමට පැමිණෙන ආචාර්ය මාටින් හැරිස්, හදිසි අණතුරකට ලක්ව කෝමා තත්වයේ සිට සිහිය ලබන විට ඔහු මාටින් හැරිස් බව ඔහුගේම බිරිය වන ලීස් වත් පිලි නොගනී. තවද ඔහුගේ අනන්‍යතාව හෙලිකරගැනීමට උපකාරවන සියළු ලිපි ලේඛණ ද අස්ථානගතව ඇති අතර, වෙබ් අඩවියේ පවා, දැනට බිරිය සමග සිටින පුද්ගලයා මාටින් හැරිස් සේ පෙනී සිටී. ඔහු සතුව සියළු නීත්‍යානුකූල ලිපි ලේඛනද පවතී.
සමුළුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව තිරිඟු විෂේශයක් මෙම අපරාධයට හේතුවෙයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ වගාකල හැකි, ඉක්මනින් වර්ධණය සහ ප්‍රචාරණය වන, රෝග පලිබෝධ වලට ඔරොත්තු දෙන එය, නව ජාන තාක්ෂණයේ ප්‍රතිඵලයක් වන අතර, ෂාඩා නැමති රජ කුමරුගේ මුදල් ආධාර මත පේටන්ට් හෝ අයිතිවාසිකම් රහිතව නොමිලේ ලෝකයට බෙදාහැරීම පිණිස ඉදිරිපත් කෙරෙයි. විද්‍යාඥයා මරා දමා, එය අයිතිකරගෙන විශාල මුදලකට විකිනීම හොර කල්ලියේ අභිප්‍රායයි.
දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි මාටින්, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස දැඩි වෙහෙසක් ගනී. මෙසේ තම හිතවත් සියළුදෙනාට කතා කරන ඔහු අණතුර සිදුවූ ටැක්සියේ කාන්තා රියදුරු සමග එක්ව තම අනන්‍යතාව සොයා යයි. අවසන ඔහුට පසක් වනුයේ තමා මාටින් හැරිස් නොවන බවත් එම නමින් මෙලොව කිසිවෙකුත් කිසිදිනක නොසිටි බවත්ය. තමා පුහුණු ඝාතකයෙකු වන අතර, මාටින් හැරිස් යනු, සමුළුවට පැමිනෙන විද්‍යාඥයා ඝාතනය කිරීම පිණිස එම ස්ථානයට ඇතුළුවීමට තමා විසින්ම සෑදූ බොරු අනන්‍යතාවක් බව වටහා ගනී. අණතුරින් ඔහුගේ හිසට වැදුනු පහර සමග මතකය අවුල්වී කල්පිතය සත්‍යයක් සේ පිලිගැනීම මෙයට හේතුවයි. ඔහු විසින් කල වරද නිවැරදි කරන ආකාරයත්, තම අනන්‍යතාව තහවුරු කරගන්නා ආකාරයත් කියවෙන මෙය 2011 වසරේ පෙබරවාරි 18 දින ඇමරිකාවේදී නිකුත්වූ අපූරු චිත්‍රපටයකි.
පවුලේ සැමට එකට සිට නැරඹියහැකි වුවද ඉතා සුළු ප්‍රේම ජවනිකා කිහිපයක් අන්තර්ගත වෙයි. චිත්‍රපටයේ වර්ගීකරණය මත අරිසෙන් විසින් ලබාදෙන ළකුණු ප්‍රමාණය 8/10 කි. උපසිරැසි පිණිස තෝරාගත් Unknown 2011 DVDRiP XViD AC3 - IMAGiNE.avi වීඩියෝපටය A/V 10/10 තත්වයට ඉතා ආසන්න බව මාගේ අදහසයි.
අධ්‍යක්ෂණය - ජේම් කොලෙට්
තිර රචණය - ඔලිවර් බුචර් සමග ස්ටෙෆන් කෝන්වෙල්
ප්‍රධාන රංගන දායකත්වය - ලියම් නේසන්. ඩියාන් කෲගර් සහ ජනුවරි ජෝන්ස්
IMDB ළකුනු ප්‍රමාණය 7.1/10

Post a Comment