Latest Movie :
Home » , » R...Rajkumar (2013)

R...Rajkumar (2013)

{[['']]}





ඔන්න එහෙනම් පට්ටම චිත්‍රපටියක් අරගෙන මම ආයෙත් ඔයාල හම්බෙන්න ආවා. පට්ටම චිත්‍රපටියක් කියන්නෙ මේක තමයි. මම එහෙම කියන්නෙ මේකෙ ජෝක්, ක්‍රියාදාම, සින්දු හැම දෙයක්ම සුපිරිම තත්වයක තියෙන හින්දයි. තව දෙයක් මේක ප්‍රභූ දේවාගෙ චිත්‍රපටියක්. ප්‍රභූ දේවාගෙ කියන්නෙ ආයෙ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ප්‍රභූ දේවාගෙ වැඩ ගැන කට්ටියම දන්නවානෙ. මේ කථාවෙ තියෙන්නෙ මැර පවුලක ඉන්න කෙල්ලෙක්ට ආදරේ කරන එකක්. මෙම චිත්‍රපටියට Shahid Kapoor, sonakshi sinha, sonu sood, ashish vidyarthi, srihari යන ප්‍රකට නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.


කථාව ගැන කියනවා නම් රාජ් කුමාර් (Shahid Kapoor) එනවා චන්දා (sonakshi sinha) ඉන්න ගමට. රාජ් කුමාර් මේ ගමට එනකොට ශිව්රාජ් (sonu sood) සහ චන්දාගෙ මාමා වන පර්මාර් (ashish vidyarthi) යන දෙන්නා කංසා වෙළදාම නිසා සතුරන් වෙලා ඉන්නෙ. මේ දෙන්නා තමන්ගේ කංසා අස්වැන්න විකුණන්නෙ තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ටාකාට (srihari). මේ දෙන්නම ටාකාට බඩු විකුණන එක එකපාරටම නවත්තල දානවා. මේ දෙන්නම ටාකා එක්ක තරහ වෙනවා. ටාකා රාජ් කුමාර්ව එවන්නෙ මේ දෙන්නගෙ බඩු ටික උස්සන්න. ඔය අතරෙ රාජ් කුමාර්ට චන්දාව හම්බෙනවා. කෙල්ලෙක් දාගන්න හැමෝම වගේ කන පට්ටම කට්ටක් කාල කාල රාජ් කුමාරුත් කොහොම හරි චන්දාව යාළු කරගන්නවා. ශිව්රාජ් එක්ක තමයි රාජ් කුමාර් වැඩ කරන්නෙ. ඒ හින්දා ශිව්රාජ් කියන්නෙ රාජ් කුමාර්ගෙ ලොක්කා. ඔය අතරෙ ශිව්රාජ්ටත් චන්දා ගැන හිතක් පහල වෙනවා. මම කලින් කිව්ව වගේ චන්දා කියන්නෙ පර්මාර්ගෙ ඥාති දුවෙක්. චන්දාව බදින්න ඕන නිසා ශිව්රාජ් පර්මාර් එක්ක තිබ්බ සේරම පරණ තරහ මරහ අමතක කරලා යාළු වෙනවා...දැන් තමයි ක්‍රියාදාම පටන් ගන්නෙ...මම කලින් කිව්වා වගේ රාජ් කුමාර් කියන්නෙ ටාකාගෙ මිනිහෙක්නෙ. ව්‍යාපාරික වාසි හේතුවෙන් ටාකාත් ශිව්රාජ් එක්ක යාළු වෙනවා. මේ සේරම එකතු වෙලා රාජ් කුමාර්ව මරන්න සැලසුම් කරනවා. රාජ් කුමාර්ට මොනවා වෙයිද? රාජ් කුමාර් චන්දාව බදියිද? ශිව්රාජ් චන්දාව බදියිද? මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකො....දැන් ඇති නැත්නම් චිත්‍රපටියට තියෙන ආශාව හින්දා සේරම කියල දානවා. මං කථාවෙ මුල මැද අග හැම තැනින්මයි ඔය කිව්වෙ..අනිවාර්යෙන ්ම මේක බාගෙන බලන්න. මොකද මම ආයෙත් කියනවා මේක තමයි මම මෑත කාලයේ බලපු පට්ටම චිත්‍රපටිය. මොනව නැතත් ජෝක් ටික නම් පට්ට ඈ.


මේකට උපසිරැසි දාන්න ටිකක් මහන්සි වෙන්න වුනා. මොකද මේකෙ දැනට නිකුත්වෙලි තියෙන ඉංග්‍රීසි උපසිරැසි එකකවත් හරියට දෙබස් සේරගෙම සබ් තිබ්බෙ නෑ. ඒ කියන්නෙ චිත්‍රපටියෙ දෙබස්වල අදහස කෙටි කරලා දාල තිබ්බෙ. හරියට දෙබසටයි උපසිරැසියටයි හානියක් නොවෙන්න වගේ. ඒ වුනාට මට තේරෙන විදිහට මම චිත්‍රපටියෙ දෙබස් අහල සම්පූර්ණ තේරුමම සිංහල උපසිරැසියට නැගුවා. ඔයාල බය නැතුව බාගෙන බලන්න. මේක වෙන්න ඇති මගෙ අතින් ලියවුනු දිගම හැදින්වීම.  එහෙනම් දැනට මම නවතිනවා. තවත් ලස්සන උපසිරැසියකින් හම්බවෙමු. ඔබට ජය.....! 




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man