Latest Movie :
Home » , , , » The Medallion (2003)

The Medallion (2003)

{[['']]}

The Medallion 2003
අපිට කාගෙන් හරි ෆිල්ම් ටිකක් ලැබුණොත් හරි අපි ෆිල්ම් download කරගත්තොත් හරි අපි මුලින්ම කරන්නේ මොකක්ද? ඒ ෆිල්ම් එකේ නම බයිස්කොප් එකේ search කරලා බලන එක නේද? ඉතින් ඔය වැඩේ කරනකොට මට හිතුණා ඇයි මමත් සබ් දාන වැඩේ කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඉතින් සබ් download කරගෙන බලනවා වගේ නෙමේ මේවට සබ් දන්න ගියාම සැහෙන්න කට්ටක් කන්න ඔනේ. කොහොම හරි ඔන්න මන් මගේ පළමු උපසිරැසිය දැම්මා.
මගේ පළමු ෆිල්ම් එක විදිහට මන් අරගෙන ආවේ ඇමරිකානු මිලියන 41කට වඩා වියදම් කර හැදු TheMedallion 2003 ෆිල්ම් එකයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සුපිරි නළු Jackie Chan සහා Lee Evans මෙහි රංගනයේ යෙදිමයි. මේ ෆිල්ම් එක Comedy, Action, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating වලින් 5.0 අරන් තියෙනවා. The Medallion ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆිල්ම් 32 කට වඩා අධ්‍යක්ෂණය කරලා තියෙන Gordon Chan.
ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් එඩි (Jackie Chan) කියන්නේ හොංකොං වල පොලිස් නිලධාරියෙක්. වොට්සන් (Lee Evans) කියන්නේ ඉන්ටපොල් එකේ නිලධාරියෙක්. මේ දෙන්නා එකතුවෙලා අපරාධ ලොකේ රජෙක් වගේ ඉන්න ස්නේක් හෙඩ්ව අල්ලන්න තමයි හදන්නේ.ඔය අතරේ ස්නේක් හෙඩ් අසාමාන්‍ය බලයක් හා අමරණියත්වයක් ලබා ගත හැකි පදක්කමක් හා එම බලයන් ලබා දෙන පොඩි ළමයෙකු පැහැරගෙන එම බලයන් තමාට ලබා ගන්න හදනවා.
ස්නේක් හෙඩ්ට එම බලයන් ලබා ගන්න පුළුවන් වෙයිද? එඩිට හා වොට්සන්ට ළමයව බේර ගන්න පුළුවන් වෙයිද? ඔවුන්ට ස්නෙක් හෙඩ්ව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට පිළිතුරු ලබා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.. පළවෙනි වතාවට කල දෙයක් නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා … !!
Highbinders (2003) on IMDb5.0/1021,343 votes


5cdcf8323e62f970220c22720c489e2ac7b6145c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man