Latest Movie :
Home » , » Battleship (2012)

Battleship (2012)

{[['']]}
 


මෙම විශ්වයේ අප තනිව නැතැයි විශ්වාස කරන විද්‍යාඥයින් අධි බල සම්ප්‍රේශණ චන්ද්‍රිකාවක් හරහා පෘථිවියට සමාන ලක්ෂන සහිත ග්‍රහ ලෝකයකට පණිවුඩ යැවීම ආරම්භ කලා. මේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වල, පිට සක්වලින් මේ ලෝකෙට ආවෙ හිතවත් කමට නෙවෙයි. ඒ එන අතරේ එයාලගෙ සන්නිවේදන උපකරණ සහිත යානය විනාශ වෙනව. තමන්ගෙ ලෝකයට පණිවුඩයක් යවන්න පෘථිවියේ තියන චන්ද්‍රිකාව යොදාගන්නයි එයාල උත්සාහ කරන්නෙ. එහෙම කරල තව උදවු ගෙන්නගෙන පෘථිවිය ආක්‍රමණය කරන්න.

ඇමරිකානු නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් තම බාල සොයුරාව  තමා සමගම නාවික හමුදාවට බඳවාගන්නෙ, එයාගෙ තියන කඩප්පුලි ගති යවල හොඳ වැදගතෙක් කරන්න හිතාගෙන. ඒ වගේම එම බාල සොයුරාට නාවික හමුදා සේනාංක අධිපතිගෙ දුවත් එක්ක හාද කමකුත් තියනව. මෙහෙම ඉන්න අතරෙ රටවල් 14 ක නාවික හමුදාවන් එකතුවෙල නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කරනව. අර ඉස්සෙල්ල කියපු පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නෙ හරියටම මේ නාවික අභ්‍යාසය තියන වෙලාවෙ.

ඉතින් ලෝකයට කුමක්වේද? නාවික හමුදා ලොක්කගෙ දූගෙ පෙමට කුමක් වේද? නම කැත කරගෙන හිටපු අර බාල සොයුරාගේ අනාගතය කුමක් වේද? මේ ප්‍රශ්න වලට පිලිතුරු බලලම හොයාගන්න.


2012 වර්ෂයේ මැයි මස මුල්ම වරට ඇමරිකාවේ තිරගතවුන මේ චිත්‍රපටය, IMDB ලකුණු 6.1 ක් හිමි කරගෙන තියනව. චිත්‍රපටියේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන්නෙ 7/10 ප්‍රමාණයක්. තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip වර්ගයේ 400 මෙ.බ. වන අතර A/V 10/10 තත්වයේ වෙනව.

Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man