Latest Movie :
Home » , » Desert Flower 2009

Desert Flower 2009

{[['']]}
    

කාන්තාව කියන්නෙ මේ ලෝකයේ ඉන්න බොහොම ආදරණීය, වැදගත් ගරුකටයුතු කෙනෙක්. මේ ලෝකයේ පැවැත්මට පිරිමියාට වඩා උරදෙන්නෙ ඇයයි කියල කිවුවොත් කවුරුවත් විරුද්ධ වෙනඑකක් නෑ. පවුලක් ගත්තත් වැඩි බරක් අදින්නෙ අපි කවුරුත් දොහොත් මුදුන් කරන අපේ අම්මා. ඒ වගේම පිරිමි අපි කාටත් අම්මෙක්, බිරිඳක්-පෙම්වතියක්, සහෝදරියක්, දියණියක්, ඥාති සහෝදරියක් හෝ අඩු තරමේ මිතුරියක්වත් ඉන්නව. මේ චිත්‍රපටිය බලද්දි ඒ බව තරයේ හිතට අරන් බැලුවොත්, මේ කියන සංවේදී කතා පුවත තේරුම් ගන්න පුළුවන් වේවි.


මේ චිත්‍රපටය ඇත්තටම ගෙතෙන්නෙ කාන්තාවක් වීමේ වරදට අනේක-විධ අමානුශික වධ වේදනා වලට ලක් වෙන්න සිදුවුන කාන්තාවක් වටා. දැරියක් ලෙස, තරුණියක්ලෙස ඇය වින්ද අපමණ දුක් කම්කටොලු වටා. එහෙමත් නැතිනම්, අන්තිම අමානුශික විධියට, ආදරය කරුණාව රැකවරණය ඒ වගේම, ළමා සහ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවීම වටා. 

වොරිස් කියන්නෙ සෝමාලියානු අහිකුන්ඨික එඬේර පවුලක උපතලද දුප්පත් අසරණ දැරියක්. වයස අවුරුදු තුනේදී ඇය ලිංගඡේදයට ලක් වෙනව, ඒ කියන්නෙ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරනව. ඒ වගේම උපත්මග සම්පූර්ණයෙන්ම වගේ මහල, වහල දානව. එය ගෝත්‍රික චාරිත්‍ර අනුව කල යුතුම වූ දෙයකි. එසේ නොකරන ලද ගැහැනු අය ගණිකාවන් සේ සලකල, සමාජයෙන් නෙරපනු ලබනව. පසුව ඇය මුදලට විකිනෙනුයේ 61 වියැති පුද්ගලයෙකුගේ හතරවෙනි බිරිඳ විධියට. මේ නිසා ගෙදරින් පැනයන ඇය දින 9 ක් තනිව කාන්තාරය හරහා තමුන්ගෙ අත්තම්මා සොයා ගෙන අතිශය දුෂ්කර ගමනක් යනව. එහිදී ඇයගේ අම්මාගේ සොයුරියක වන, ඇමරිකාවේ සෝමාලියානු තානාපති බිරිඳ, ඇයව ගෙදර වැඩකාර කමට ගෙන්වාගන්නව. එතැනින් පැන යන ඇය ඇමරිකාවේ ඉතා ජනප්‍රිය සහ අති-සුපිරි නිරූපිකාවක් බවට පත් වී අවසානයේ වයස අවුරුදු 38 වන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ස්ත්‍රී ලිංගඡේදයට විරුද්ධව කටයුතු කරන, තානාපති වරියක් බවටත් පත්වෙනව.

කුඩා දැරියක විසින් නොවිඳිය යුතු ගනයේ පහත් අමානුශික සහ ඉතාම සංවේදී දුක්ඛදායක ගැහැට රැසකට මුහුනපාන ඇය, අවසානයේ ජීවිතය ජය ගන්නා අයුරු දැක්වෙන සත්‍ය කථා පුවතක් වන මෙය, නැරඹිය යුතුම ගනයේ ඉතා උසස් කථා පිටපතක් සහිත චිත්‍රපටයක්. ලිංගිකත්වය වැනි මාතෘකා ඔස්සේ ගලායන නිසා පවුලේ සැමට එක්ව නැරඹීමට අපහසු වුවත්, මෙය ස්ත්‍රීත්වය ලක්වන අමානුශික සහ අසාධාරණ වධවේදනා වටා ගෙතෙන්නක් මිසක, පහත් කාමුක අදහස් දනවන්නක් නෙවෙයි.

2009 වර්ශයේ සැප්තැම්බර් මාසයේ මුල්ම වරට ජර්මනියේ තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 7.1/10 ක් හිමිකරගෙන ඇත. චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9.5/10කි. තෝරාගත් වීඩියෝ පටය BdRip (911 mb) වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්නය.


ස්තූතිය: චිත්‍රපටය ගැන තොරතුර දුන් බයිස්කෝප් වෙබ් අඩවියට.

(මේ මත ක්ලික් කර ලැබෙන අළුත් වින්ඩෝවේ වම් ඉහල කෙලවර File --> Download ක්ලික් කරන්න)
Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man