Latest Movie :
Home » » Columbus Circle

Columbus Circle

{[['']]}

ජස්ටින් වෝටර්ස් කියන්නෙ ඉතා ධනවත් කුලවත් පෙලපතක උපතලද පවුලේ එකම දරුවා වගේම එම පෙලපතේ ඊලඟ උරුමක්කාරිය. ඇයගේ පියා බේබද්දෙක්. ඒ වගේම නිරන්තරවම බීමතින් ඇවිත් මවටත් දුවටත් නොසෑයෙන්න වධ වේදනා පමුණවුවනව. මේ නිසා බලවත් සිත් තැවුලටත් වේදනාවටත් පත්වන ඇය ගෙදරින් පැන යනව. මෙසේ ඇබිගල් ක්ලේටන් නමින් කොලොම්බස් වටරවුම අසල පිහිටි, කොලෙම්බස් ස'ර්කල් නම් අති සුපිරි නිවාස අංගනයක වසර 17 ක් පුරාවට අවට ලෝකය සමග කිසිම ගනුදෙනුවක් නැතිව රහසේ ජීවත් වෙනව. මෙම අතුරුදන්වීම එවකට රටේ මහත් ආන්දෝලනයකට සහ කතා බහට තුඩු දුන් එකක් වන අතර, ඇය සෞදි අරාබියානු කුමරෙකු සමග රහසේම වහන්වූ බවක් ජනතාව විශ්වාස කරනව. ඇගේ පියාගේ කිට්ටුම හිතවතෙක් වන පවුලේ වෛද්‍ය වරයා ඇයට සහය වනව. ඉදිරිපස නිවසේ මහළු කාන්තාව ඝාතනව වීමත් සමගම, ඇයගේ මෙම දිවිය වෙනස් වන අතර, චිත්‍රපටයේ ආරම්භයත් එයමයි. ඇය සිටිනා තත්වය දකින වංචාකාරී ජෝඩුවක් ඇය රවටා ධන සම්භාරය අරගන්නට තැත් කරනව. තමුන්ට තමුන් හැර වෙනත් කිසිවෙකු විශ්වාස කල නොහැකි බව කියවෙන මෙම චිත්‍රපටයේ කවුරුන් විසින් කවුරු රැවටීමට භාජනය කලාද යන බව හිතාගන්න ප්‍රේක්ෂකයාට ටිකක් කල් ගතකරවන සුළු එකක්. 


IMDB ලකුණු 5.8 ක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට අරිසෙන් ලබාදෙන ලකුණු සංඛාව 8 ක් වන අතර නැරඹිය යුතු ගනයේ චිත්‍රපටයක්. 

තෝරාගත් වීඩියෝ ක්ල්පය BrRip.x264.YIFY.mp4 වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්න එකකි. එහි සීඩ්/ලීච් ප්‍රමාණය සහ බාගත කිරීමේ වේගය ඉහල අගයක පැවතිණ. 

සිංහල උපසිරැසි සමග ටොරන්ට් ගොනුව (2.19 mb) බාගත කිරීමට පිවිසෙන්න.


Share this article :

Post a Comment

 
Support : Cinama|lk | Akee Man Copyright © 2014 Cinama|LK - All Rights Reserved
Template Created by Cinama|lk Published by Akee Man