Friday, February 21, 2014

Captain Phillips (2013)



සත්‍ය සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Paul Greengrass  විසින්. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා.  ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.
ඉතින් වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න
Sinhala Subtitle Download
 Movie Download

No comments:

Post a Comment